Friday, May 30, 2014

සෑබෑ ආදරේ හදවතේමයි...


රටවල් දෙකක තනිවුන ආදරවන්තයෝ දෙන්නෙක්...දුර තැන දෙකක ජිවත් වෙන දෙන්නෙක් වුනාම ආදරේ දැනෙන්නේ නෑ කියලාද කියන්නේ..නෑ නෑ ඒක බොරුවක්..මොකද ආදරේ කියන්නේ හිතකින් තවත් ආදරණිය හිතකට කරන උතුම් දෙයක්..ඒක හැම වේලාවකම ඒ දෙන්නාට දෙන්නාට දැනෙනවා..දෙන්නට දෙන්නාගේ පුංචි වෙනසක් පවා මහ විශාලව දැනෙනවා...අන්න ඒකයි සෑබෑ ආදරය..ඒකට දෙන්නාට දෙන්නා ලගින්ම ඉන්න ඕන කියල මම හිතන්නේ නෑ..දෙන්නාට දෙන්නා කොච්චර දුරින් හිටියත් ඒ දෙන්නාගේ ආදරේ සංසාරගත ආදරයක් වෙන්න පුලුවන්...හැමදාම හැමමොහොතකම දෙන්නාට දෙන්නේ මහ මෙරක් වගේ ආදරයක් වෙන්න පුලුවන්..ඒ ආදරේ දැනෙන්න පුලුවන්..ආදරේ කියන්නේ අන්න ඒ වගේම ආදරණිය දෙයක්..ආදරේ දැනෙන්නේ ආදරණිය හදවතට මිස දෙන්නාට දෙන්නා හමුවන වාර වලදි නෙවේ...අන්න ඒකයි උතුම් ආදරේ...කොච්චර දුරක හිටියත් දෙන්නාගේ හදවත් දෙකට ගොඩාක් දැනෙන දෙයක්...

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
ආදරයට ආදරෙන්

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/adarayathaadaren?ref

Wednesday, May 28, 2014

මගේ වස්තුව...


මට මේ ලොකයේ ආය නැති වෙන්න කියල දෙයක් ඉතිරි වෙලා තියනවා කියල මම හිතන්නේ නෑ...මොකද මම මගේ මුලු ලෝකයම කියල හිතුවේ ඔයාව...මම හැමදාම පැතුවේ ඔයා මගේ කියල..මම ඔයාගේ කියල...ඔයා මාව දාල යද්දි මට මහ අමුතු හැගිමක් හිතට මහ ලොකු දුකක් දැනුනා...කොටින්ම ආය ලෝකයක් මට නෑ කියල මට හිතුනා...ඔයා මගේ වුනාම ඔයා ගැන මේ පුංචි හිත මහ ලොකු ආසාවන් ගොඩාක් ඇති වුනා...මගේ මුලු ලෝකයම එළිය කරපු සද කුමාරිය ඔයා තමා කියල මම හිතුනා මගේ රත්තරනේ..කොහොම හරි ඔයා අද වෙන කෙනෙක්ගේ වෙලා..මට ඔයා ගැන තිබ්බ අයිතිය ඔයා වෙන කෙනෙක්ට දිලා..මට ඔයාව හම්බුන ඒ සොදුරු කාලේ මතක් වුනා..මගේ ජිවිත සිත්තම නිම කලේ ඔයා මගේ සුදු නෝනා..ආය මට වෙන ලෝකයක් තියේවි කියන්න මට හිතන්න බෑ මගේ රත්තරනේ..ඔයාව මට නැති කලේ ඇයි මගේ රත්තරනේ..ඇයි මාව දාල යන්න හිතුවේ...මේ පුංචි හිත ඔයාට කල ලොකුම වරද ඔයාට පණ වගේ ආදරේ කරපු එකද මගේ වස්තුව...

~ ආදරණිය අකීකරු සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
ආදරයට ආදරෙන්

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/adarayathaadaren?ref

මහා ගොඩාක් ආදරෙයි...



උදේම මම ආස කරන්නේ ඔයාගේ
ඔය අතින් මට ටයිප් කරලා එවන
මැසේජ් එක බලන්න
මගේ සුදු නෝනා..
හැමදාම උදේම ඒක දැක්කා කියන්නේ
මුලු දවසම මාර සංතෝෂයක් දැනෙනවා..
මම දන්නවා මේ හැගිම ඔයාටත්
මේ විදිහටම දැනෙනවා කියල මගේ රත්තරනේ...
ඔයා ඔයාව බාර කලේ මම ගැන ලොකු විශ්වාසයකින්නේ ...
මම ඒක කවදාවත් කඩන්නේ නෑ රත්තරන්..
මේ මුලු සංසාරේ පුරාවටම රකිනවා..
මහ ගොඩාක් ඔයාට මම ආදෙරයි මගේ සුදු මැණික...
මහා ගොඩාක් ආදරෙයි...

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
ආදරයට ආදරෙන්

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/adarayathaadaren?ref

Monday, May 26, 2014

සංසාර ආදරය



පලමු පරිච්චේදයේ  දෙවන කොටස‍

ඉස්කොලේට එනකොට හොදටම පරක්කු වෙලා...ඔෆිස් එක ලගින් යද්දිම ෂු පාරක් ඇහුනා...ටොපිය තමා කියලා හිතාගෙනම හැරැනා ෂු පාර ඇහුන පැත්තට..අප්පට සිරි මගේ අතිජාත යාලුවො සෙට් එකනෙන්නම්...
මොකෝ යකෝ අද වේලපහින්ම ඉස්කොලේට බැස්සේ...ලසා එහෙම කියද්දිම මමත් සෙට් එක ඉන්න පැත්තට ගියා...
මොකො යකෝ අද ඉස්කෝලේ නැද්ද...පන්තියට නොයා ඉන්නේ...මම පොත් ටික සිංදුගේ අතට දෙන ගමන් ඇහුවා...
නෑ නෑ බන් අලුත් කලා කාරයෝ ටික ඇවිත් උන් ටික අපේ පන්තිවලටමලු දාන්නේ..උන්ට බණ දේශනාවක් පන්තියේ...ඉතින් අපි එළියේ...හිටපල්ලා දෙමු නේ හොද රැග් පාරක් අලුත් සෙට් එකට ඇඩෙන්න..
අනිවා අනිවා ඒවා අපේ යුතුකම්නේ බන් අනිවා දෙන්න ඕන....නැද්ද  සදා..
අනිවා අනිවා බන්...ඒවා වෙන්න ඕන වැඩනේ....
කැන්ටිම පැත්තට වත් වල බහිමුද ? හැබැයි කෑවේ නැතත් කෑවා වගේ බන්...මම එහෙම කියාගෙනම ඉස්සරහට යද්දි අඩෝ අඩෝ මු නම් අද උදේම කෑල්ලකට ටොක් කරලා වගේ...එහෙමද බන්...
හ්ම් හ්ම්..අනිවා පොඩි ගේමක් නම් ගැහුවා තමා...හැබැයි ප්‍රගතශිලි තත්වයක් නම් නෑ බන්...
අනේ පල පල ඩෝ යන්න අපි දන්නේ නැද්ද තොගේ වැඩ...ඒක නෙවේ බන් වල බහින්න යන්න නම් බෑ අද මම දැක්කා විනය බාර ලොක්කා සැරි සරනවා කැන්ටිම පැත්තේ අලුත් එවුන් ඇවිත් නිසා පොර ලොක්කා වෙන්න හදනවා බන්...
අඩෝ අඩෝ ඔන්න ලොක්කා එනවා...මතක් කරද්දිම අද නම් කලා හමාරයි....මේ යකා මැරෙන්නේ නම් නෑ බන් ලේසියකට අපි මතක් කලා විතරයි මේ ලොක්කා මෙතනනේ...
සර් ඇවිත් හිටගත්තා අපි ඉස්සරහාම..
අඩෝ මට නිකන් මුත්‍රා බරයි වගේ බන්...සනා මගේ කනට වෙලා කිව්වා..මම හිනාව පාලනය කරන් හිටියා...
සර් ප්‍රශ්න පත්තරේ අදින්න ලෑස්තිය ....
චටාස් පටාස් ගලා වෙඩි පුපුරනවා වගේ සර් කම්මුල් ටික රත්කලා....දණගහපියයව් ... මේ යකා බන දේශනා කරන්න වගේ ලෑස්තිය..මුට මොකෝ අපේ කම්මුල්ගේ පුපුරැ ගහන්නේ..සර් කියලා නෑ වැවේ ඔබන්න තරම් කට්ටියට මල පැනගෙන එන්නේ..
සර් කතාව දිග ඇරියා...
යකෝ නිකමො වෙන්න හදන්න එපා ..තොපිව ගෙවල් වලින් ඉස්කොලේ එවන්නේ කොච්චර බලාපොරෙත්තු තියාගෙනද?...ඒවා ඉෂ්ඨ කරන්න බැරි නම් ඉස්කොලේ එන එක පැත්තක තියල පලයව් කුණු අදින්න..නිකමෝ නොවි බුරැවෝ ටික...
දැන් යනවා ඉතින් පන්ති කාමරේට..ආය අහුවුනොත් කලිසම් කලවලා දෙන්නේ...
පන්තියට දුවපු අපි සෙට්එක දකිද්දි කට්ටිය හිනා..
ඇයි ඇයි තෝපි හිනා වෙන්නේ..එදා වගේ කන්න ආසද තෝපි .ඈ....දන්නවානේ සිතුම්ට යකා නැග්ගාම මොකා වගේද කියලා...
කට්ටිය එකපාරම මික් නැතුව ගියා...මොකද මොනවා නැතත් මට පන්තියේ වගේම ඉස්කොලේ කොල්ලොත් බයක් තිබ්බා....
පන්තියෙන් ඉදගන්න කලින් මම ටොක් එකක් දැම්මා..කොයි දැන් ඔය අලුතින් ආපු එවුන් ටික නැගිටපන් බලන්න...නැත්තම් මට නැගිට්ට වන්න වෙයි...
කොල්ලෝ ටික නැගිට්ටා...
ආ ආ ඉදගන්න ළමයි..අපි පස්සේ බලමුකෝ අදුරගන්න...මමත් සෙට් එක එක්ක ඉදගන්න ගමන් කිව්වා...
රිදුනාද බන්...සර් ගහපු ඒක..සනා ඇහුවා...
මගේ කට අවුස්සගන්න හදන්නේ ඔය නම්......දන්නවානේ සනා මට යකා නැග්ගම තෝ කියලා බලන්නේ නෑ හරිද ?

සදකැලුම් බණ්ඩාර කුලතුංග

මගේ ආදරි...

මගේ පුංචි හිතට රිදි රේඛාවක් පායල නම් දැන් කාලයක් වෙනවා...
එයා දැන් මගේ මුලු හිතටම මහ විශාල හුස්මක් වෙලා....
ඒ හුස්ම ටික දැන් මේ හදවතේම ගෑස්ම වෙලා...
මහ විශාල ආදරයක් හිතේ ඔයා වෙනුවෙන් විතරක් ගුලි වෙලා තියනවා..
ඒ ආදරේ වචනයකින් දෙකකින් තියා වචන ගොඩකින්වත් කියල නිම කරන්න බැරි තරම් හිතට දැනෙනවා...
මම ඔයාට ගොඩාක් ආදරෙයි මගේ රත්තරනේ..
ගොඩාක් ආදරෙයි මගේ සුදු නෝනා..
හැමදාම හැමමොහොතකම..
මේ මගේ තුන් හිතම දැන් ඔයාගේ නමට දිලා ඉවරයි ආය දෙන්න බෑ කාටටත්...

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
ආදරයට ආදරෙන්

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/adarayathaadaren?ref

Sunday, May 25, 2014

සංසාර ආදරය




පලමු පරිච්චේදයේ පලමු කොටස‍

මම ගෙදරින් එලියට බහින කොටත් උදේ හත පහුවෙලා තිබ්බේ....දැන් හංදියට දුවලා අල්ලන්න හම්බ වෙන්නේ ඉස්කූල් බස් එක නෙවේ..වෙන මගුලක් තමා....හන්දියට ඇවිත් පොඩ් හොදිසියක් දැම්මා..අපේ කියලා එකෙක් වත් හොයාගන්න නෑ..
එකෙක්වත් නෑනේ මගුල...
දැන් ඉතින් තනියම පලයන්කෝ මගුල නාගෙනම...හන්දියට වෙලා ටිකක් වෙලා යද්දි ආවා අපේ වයසේම වගේ ගැටිස්සියෝ ටිකක්...උන් ටික දැකපු වේලා ඉදන්ම වල්පල් දොඩවනවා..හැබැයි එකම එක කෙල්ලෙක් ඩිසන් එකේ ඉන්නවා මම දැක්කා..ඒකි කරන්නේ අනිත් වුන්ගේ ගොන් ටොක් වලට හිනාවෙන එක විතරයි....තූ විතරක් මගේ ගැන්සියේ අනිත්එවුන්ටත් වෙනදා නැති කඩි කුලප්පුවක් ගහලා යන්න හිතුනානේ..නැත්තම් සිංදුවා එක්ක ගේමක් දෙන්න තිබුනා..ඒ කෙල්ල දැක්ක වෙලේම එයා මගේ කියලා මගේ හිත කියන්න ගත්තා...
ඒ යක්කු ටිකටත් හිතින් බැන බැන මම ඒ කෙල්ල දිහා බලාගෙන හිටියා....
සිතට දැනුණු නුඹේ ආදරේ....කදුල් පිරැනු මගේ ජිවිතේ කිය කිය...
කොහේද මම පිස්සා වගේ බලන් හිටියාට ඒ කෙල්ල නම් මම දිහා බලනවා තියා ..එහෙම දෙයක් හිතිලා වත් නෑ...අද නම් ගුටි තමා කිය කියම මම බලාගෙනම හිටියා..
අනේ දෙවියනේ කෙල්ල බලනවා නම්..
කොහේද එයා එයාගේ ලොකේ...මම මගේ ලොකේ...මගේ හිත කෑ ගහනවා නිකන් හු කිය කිය..මෙහෙම දෙයක් ඇතිවුනාමද කොහෙදෝ මේ කොල්ලාගේ...
සි ටි බි බස් එක ඇවිත් නැවෙත්තුවා විතරයි කට්ටිය දඩ බඩ ගාලා නැග ගත්තා..කොහේද මගේ හිත තියෙන්නේ කෙල්ලගේ ලග මිස බස් එකක් දිහායේ...අන්තිමට බස් එකට නැග්ග මට මොන සිට්ද ?
අනේ කෙල්ලට සිට් එකක් ලැබේවා කිය කිය මම නැග්ගා බස් එකට...
මොකද පොත් ටික වත් දිලා වැඩේට කොක්කක් ගහගන්න...වැඩේ ගොඩ කෙල්ලට සිට් එකක් ලැබිලා...දැන් දෙන්නම් වැඩේ මම...කියලා හිතද්දිම කොන්දා අන්කල් දැම්මානේ එයාගේ කැසට් එක...
ෆුට් බොඩ් නම් යන්න එපා..නිකන් අපිට ටින්කිරි නාන්න බෑ හරිද ?
කොහෙන්දෝ ආපු වෑන් කාරයෙක් බස් එක ඉස්සර කරද්දිම බස් එක බ්‍රාක් ගැහුවා...දැන් තමා නියම වේලාව..
අනේ නංගියෝ මේ පොත් ටික ගන්නවාද ?
මෙහෙම ගියොත් මට පොත් ටික අරන් ඉස්කෝලේ යනවා බොරැ....
තු විතරක් කෙල්ල නිකන් වත් බැලුවේ නෑනේ..තියන ආඩම්බරකම ඉහ වහා ගිහින්නේ...කිසිම හිතක් පපුවක් තියන කෙල්ලෙක් නම් නෙවේ...ඒක දැකපු අනිත් කෙල්ලෝ ටිකත් මට මහ නොන්ඩි බැල්මක් දැම්මා..දැන් නම් ඉතින් මහීට යකා අවේශ වෙන්න යන්නේ...මට හිතුන දේවල් කටින් පිට වුනා නම් පයින් ගහලා බස් එකෙන් එලියට දාන්නේ...
අනේ අයියේ මට බහින්න ඉඩ දෙනවාද ? කෙල්ල මගේ ඇස් දිහා බලා ගෙනම කිව්වා...
මේකිට මොන ඉඩ දිමක්ද මගේ හිත කියනවා..මොනවා කරන්නද කෙල්ලට බහින්න ඉඩදෙන ගමන් මම කෙල්ලට හෙමින් කිව්ව
අනේ නංගි ඉලග දවසේ වත් පොත් ටික වැටෙන්න කලින් ගන්න හොදේ..
කෙල්ලත් මට හිනාවේගෙන බැස්සා...ආය හැමදාම කොල්ලා ගෙදරින් එන්නේ මේ වේලාවට තමා...මොකා ලෙඩේ දැම්මත් කියලා මට හිතුනා...

සදකැලුම් බණ්ඩාර කුලතුංග