Friday, December 5, 2014


" මේ සංසාර ආරණියයේ
සංසාරගත ප්‍රේමයට නියත විවරණය දෙනු මැනවි.... "

උදේම අවදිවෙන කොට පුංචි කියාගන්න බැරි තනිකමක් හිතට දැනුනා..හැබැයි ඒ තනිකම වැඩි වේලාවක් හිතේ සක්මන් කරන්න නුඹ ඉඩ දුන්නේ නෑ..මන්ද නුඹ දැන් මගේ හදවතම අයිති කරගත් මගේ ආදරණිය සංසාර ආදරය වෙලා නිසා මගේ සුදු මැණික..කොයි තරම් දුරකින් සිටියත් ඒක අල්ප මාතෘයක් වත් නොදැනෙන තම නුඹ මගේ හදවත සින්නකරගෙන..ඔයා කොතනක සිටියත් නුඹව ගෙවෙන මොහොතක් ගානේ රකින්නම මම පතනවා..ඒ වගේම මගේ හදවතේ හැම වේලාවකම නුඹ ඉන්නවා වගේම මම දන්නවා ඔයාගේ හදවතෙත් නුඹ ගෙවෙන මොහොතක් ගානේ ඉන්නවා කියල මගේ සුදු අම්මියෝ..මම මේ තරම් ආදරයක් කෙදිනකවත් විද තිබුනේ නෑ..මන්ද මගේ කුළුදුල් ආදරේ නුඹව පුදපු නිසා..හිතින් හිතට කරන පෙමක් වුවත් මා මගේ ආදරය පුද කලේ නුඹව පමණයි..මන්ද මේ සංසාරේ පුරා මා පතන්නේ නුඹ නිසයි..මගේ ආත්මිය ආදරේ නොඉදුල්ම සුවද පොද නුඹ පමණයි...ගෙවෙන මොහ‍ොතක් මොහොතක් ගානේ...තත්පයරයක් තත්පරයක් ගානේ මම මගේ සුදු අම්මියෝ ඔයාට ආදරෙයි මගේ සුදු අම්මියේ...

( සංසාරගත ආදරෙන් )

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )

LOVE CAFE

ආදරෙන් එන්න වැළද ගන්න ආදරණිය ඉසව්වේ සැරිසරන්න....

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ... යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/nonidanahadawatha

Wednesday, December 3, 2014


පුංචි කාලේ වැස්ස හරිම දගකාරයි....දැන් වැස්ස හරිම විසේකාරයි....අනේ මන්දා පුංචි කාලේ වැස්සට තෙමෙන කොට තිබ්බ ඒ සතුට තාමත් හිතට දැනෙනවා මහා පුදුමාකාරයි නේද ?....ආදරයත් ඒ වගේ තමා අනේ පටන් ගන්න කාලේ ටිකක් හිතට දැනෙන්නේ..හැබැයි ඒක සංසාරගත බව දැනුනාම තමා තේරෙන්නේ ඒක කොච්චර නම් උතුම්ද කියල...හැබැයි ආදරයත් අර වගේම තමා මුලු කාලෙත් අපි ආදරේ කලා....ඒක දිගටම වැඩි වුනා මිස අඩු වුනේ නෑ....ඒක තමා සංසාරගත බැදිමක හැටි කියලයි මට හිතෙන්නේ...සංසාර ආදරය අන්න ඒ වගේ වෙන්න ඇති....ඒ වගේම තමා සංසාරගත පින්කාර ආදරයක් වෙනුවෙන් කදුලු වැටුණට දුකක් නෑ..මොකද ඒ ඇස් හඩන්නේ උතුම් පෙමකට නිසා...ඒ වගේ පින්කාර ආදරයක් ලබන්න ලැබෙන එකත් කොච්චර නම් පින්කාරද ?...ඒ වගේ ආදරයක් ලබන්න හැම කෙනෙක්ට වාසනාව ලැබෙන්නේ නෑ...මෙච්චර ළගින් මගේ හදවත කියවන්න වෙන කෙනෙක් සමත් වෙලා නෑ මගේ සංසාර සුදු මැණික..හිතින් හිතට පෙම් කලත් ඒ පෙම කොච්චර නම් ලස්සනද පින්වන්තද දැනෙනකොට කදුලු කැටයක් එන්නේ දුකට නම් නෙවේ..කියාගන්න බැරි තරම් සතුටට මගේ සුදු අම්මියෝ...මේ සංසාර ගමන පුරා මම ඔයාට කියාගන්න බැරි තරම් ආදරෙයි මගේ සුදු අම්මියෝ...ගෙවෙන මොහොතක් මොහොතක් ගානේ....

( සංසාරගත ආදරෙන් )

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )

LOVE CAFE

ආදරෙන් එන්න වැළද ගන්න ආදරණිය ඉසව්වේ සැරිසරන්න....

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ... යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/nonidanahadawatha

ආදරණිය කම 02




අද අගහිගකම් තුල ආදර ජිවිතය ගැන කියන්නම්....පටන් ගමු....

මෙහෙම පටන් ගන්නම්කෝ අපි ආදරේ කරන දෙන්නා එකතු වුන මුල් කාලේ ඒ කියන්න‍ේ ආදරේ පටන් ගත්ත මුල් කාලේ දෙන්නා හමුවන මුල් කාලේ දෙන්නාට දෙන්නා ගොඩාක් ආදරෙන් ඉන්නවානේ..ඒ කාලේට කන්න යන තැන් මුදල් වියදම් කරන තරම් පස්සට යද්දි අඩු වෙන්නේ දෙන්නාට අතරේ තියන ආදරේ අඩු කමක් නිසා නෙවේ අගහිගකම් එන නිසා...ඉතින් ඔය මොහොතේදි ගොඩාක් බැට කන්නේ බෝයිගේ පැත්තෙන්නේ...ඔයා මට ආදරේ නෑ..ඉස්සර වගේ කොහෙවත් එක්ක යන්නේ නෑ..මොනවත් අරන් දෙන්නේ නෑ කියල ප්‍රශ්න කෝටියයි...ඒ වේලාවට ගර්ල් එයාට දැනෙන අගහිගකම් ගැන හිතන්නේ නෑනේ...මැරි කරපු දෙන්නෙක්වත් මම ගන්නම් උදාහරණයකට ඉතින් හුගාක් ආදරෙන් හිටිය දෙන්නෙක් වුනාම මැරි කලාම අගහිගකම් එද්දි ඒවා එක විදිහට හිතන්න පුරුදු වෙන්න වෙනවා....සල්ලි තියන කාලේ මස් මාලු එකක් කාපු බත් පත තව කාලයකදි ලුණූ ටිකක් ඉහගෙන කන්න වෙන්න පුලුවන්..හැබැයි ආදරෙන් පිරුණ නිවසක ඔය ප්‍රශ්නය මහා සාගරයක් නෙවේ..පොඩි දෙයක්..නමුත් ආදරේ නැතු තැනකදි ඔය ප්‍රශ්නයම මහා සාගරය වෙනවා....හැබැයි පවුල් ජිවිතේදි අගහිගකම් කියන දේවල් එන්නේ කිය කිය නෙවේනේ..ඕකට පවුල් ජිවිතේ නෑනේ ආදරේ කරන කාලෙදිත් එහෙම තමා...ප්‍රශ්න කිය කිය එන්නේ නෑ..ආදරේ තියන තැනකදි ඒක විසදගන්න දෙන්නාට දෙන්නා බැරිත් නෑ...හරි මෙහෙම ගමුකෝ අරුමෝසම් වැස්ස කිය කිය එනවාද ?...නෑනේ...එතකොට මහා සයුර ගොඩ ගැලුවා කිය කිය ගොඩ ගැලුවාද ? ..නෑනේ...අන්න ඒ වගේ තමා ආදර ජිවිතයත්...දෙන්නාට දෙන්නාට පවුලට එකතු වෙලා විසදගන්න බැරි නැ ඔය ප්‍රශ්න...අගහිගකම් කාලේට ගෙදර අනිත් පැත්ත පෙරලන එකවත්..ආදරවන්තයා ආදරවන්තිය අතැරලා යන එකවත් එයා එක්ක රණ්ඩු වෙන එකවත් නෙවේ වැඩේ..ඒවාට ආදරේ මුණ දෙන්නයි ඕන...

අදට ඇති....හෙට ආය දෙන්නම්....

ඉෂාර සදකැලුම් බණ්ඩාර ~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )

LOVE CAFE

ආදරෙන් එන්න වැළද ගන්න ආදරණිය ඉසව්වේ සැරිසරන්න....

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ... යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/nonidanahadawatha

Tuesday, December 2, 2014

ආදරණිය කම 01


මේ ලියන්න යන ලිපි පෙල මිට කලින් මම පොතකට ලියපු ආර්ටිකල් එකක කොටස් ටිකක්...මේ ගැන දන්න දෙන්නෙක් ෆේක් ලොකේ ඉන්නවා...ආදරණිය දගකාරයායි...දෙව්දුවකි මා කියන කෙනයි දෙන්නාම දැන් නම් ෆේක් ලෝකේට එන්නේ නෑ වැඩිය..අද දගකාරයා කිව්වේ ඒක ලියපන් ජිවිත වලට දෙයක් ඒකෙන් ගන්න අය ඉදිවි කියල..ඉතින් ඒ ආරාධනාව මම පිලිගත්තා පටන් ගමු....ආදරණිය ගෘහ ජිවිතය..වේලාවකට මම ස්වාමි පුරුෂයාගේ චරිතයත් බිරිදගේ චරිතයටත් අනුගත වෙන වේලාවල තියේවි....පටන් ගමු..

ආදරණිය කම 01

ගෘහ ජිවිතය කියන තැනදි සෑම අස්සන් මුල්ලකම ආදරේ කියන දේ පැතිරිලා තියෙන්න ඕන කියන මතය ගොඩාක් දරන කෙනෙක් මම...ඔය දේ නිවසක් තුල උනාම නිවස තුල නිකන්ම සමානාත්මතාවය රජ කරන පවුලක් ගොඩ නැගෙනවා...හැබැයි ඔය දේ සිද්ධ වෙන්න නම් නිකම්ම නිකන් ආදරයක හිමිකරුවන් වෙලා නම් හරියන්නේ නෑ..ඒක නිකන් නටඹුන් ගොඩක ආදරයක් වගේ දෙයක් වෙනවානේ..කඩා නොවැටුන ආදරයක් තියන තැනක ලාභ අලාභ වගේම කිර්තිය වගේම අපකිර්තියත් තියේවි...හැබැයි ඒ වා පැවතිය යුතුයි..එක එක කාලේට එක එක වගේම ඕනම දෙයක්..පරිසරය වුනත් එහෙමනේ...මහා රුස්ස ගස් පෙරලන හුලං එක්ක පරිසරය අපිව රිදවනවා වගේම උහුලන්න බැරි තරම් සිත සිසිලසක් දිල සුන්දර කාලයක් මවන්නත් පරිසරයට පුලුවන් බව දන්නවා ඇතිනේ.ඔය වගේ දේවල් ටිකක් දැනගෙන ජිවිත් වෙද්දි ජිවිතේ කියාගන්න බැරි තරම් ලස්සනයි..ජිවිතේදි ඕවා සියල්ලට මුණ දෙන්න අපි ලෑස්ති වුනොත් නරක නෑනේ...මම ගෙදරක් සම්පුර්ණ වෙන්න පවුලක් එපායැ.මම කිව්වා වගේ ආදරේ පැතිරුණ ගෙයක් ඕන...ඔය ගේ ඇතුලේ අම්මෙක් වගේ බිරිදක් ඉන්න ඕන..තාත්තෙක් වගේ සැමියෙක් ඉන්නත් ඕන..ඒ වගේම ඒ අයට ආදරේ කරන දරුවන් ඉන්නත් ඕන..ආදරේ කඩා ගන්නේ නැතුව තමා හැබැයි මේ දේවල් කරන්න ඕන ජිවිත කාලේදිම..එහෙම පුංචි ආදරේ පැතිරුණ ගෙදරක ආදරේ වැටෙන්නෙත් නෑ..වට්ටන්නත් බෑ..ඔය මම අද මේ පලවෙනියට ලියපු කොටසේ ආදරේ පැතිරුණ ගෙදරක ආදරය විතරක් නෙවේ සෙනෙහස රැකවරණය සහොදරත්වය වගේ සියලු දේ නිකන්ම පැතිරෙනවා...

කොටස් 2 ක් 3 ක් යද්දි තේරේවි ඒ ගැන..අදට ඇති..එක පාරම ඔක්කොම දුන්නාම බර වැඩි වෙයිනේ...

ඉෂාර සදකැලුම් බණ්ඩාර ~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )

<3 LOVE CAFE <3

ආදරෙන් එන්න වැළද ගන්න ආදරණිය ඉසව්වේ සැරිසරන්න....

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ... යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/nonidanahadawatha

Wednesday, June 4, 2014

ආදරයට සල්ලි බලපාවිද ?

ජිවිතේට දෙයක් ගන්න තිබ්බ නිසා මම මේක ලියන්න තිරණය කලේ...ටිකක් පරණ කතාවක් හැබැයි..අවුරුද්දක් ඇති...ගෙදරකින් කතා කරපු මගුල් ගෙදරකදි සිදුවු දෙයක්..
මනමාලි වුන කෙල්ලට මේ කොල්ලාව යෝජනා කරල තියෙන්නේ සල්ලි බලය පදනම් කරගෙන...මේ වෙද්දි නම් මේ කොල්ලාට රස්සාවක් තිබ්බේ නෑ මම දන්න තරමින් නම්...හැබැයි මේ දෙන්නා මාර විදිහට යොජිත විවාහයක් වුනත් ඒ යෝජනාවට පස්සේ හමුවිම් වලදි ගොඩාක් ආදරයෙන් ඉදල තියනවා...හැබැයි දිනක් මේ කොල්ලා කෙල්ලට මහ අමුතු ප්‍රශ්නයක් යොමු කරලා තියනවා දෙන්නා තනියම ගමනක් ගිය අවස්ථාවකදි...ඔයාලගේ ගෙදරින් ඔයාගේ දෑවැද්දට කොච්චරක් දෙනවාද කියන්න...කියල..කෙල්ලට ගොඩාක් දුක හිතිලා ඒ අවස්ථාවෙදි...හැබැයි කොල්ලා මේ ප්‍රශ්නය යොමු කලේ කෙල්ලගෙන් මහ අමුතු වචන පෙලක් ගන්න බලාපොරොත්තුවෙන්ලු..ඒ වචන පෙළ තමා මම මට දෙන්න පුලුවන් උපරිම දෑවැද්ද ඔයාට දිලා තියෙන්නේ කියල...ඒ තමා ඔයාගේ උතුම් ආදරය කියන එකලු...ඔය ටික කෙල්ලට පැහැදිලි කරද්දි කෙල්ලා ඇඩුවාලු..මනමාලයා වුන දවසේ ඒ අයියා ඔය ටික කිව්වාම මට මාර පුදුම හිතුනා...
ඇත්තටම මමත් ඒ දේ පිලිගන්නවා...දෙන්නෙත් හිත් වලින් බැදෙන්නේ මහ අමුතු විදිහට ඒ දේ කොහොම සිද්ධ වෙනවාද කියල කාටවත් කියන්න බෑනේ..මම කියන්නේ සල්ලි බලය නිසා විවාහය කරගන්න මේ කොල්ලාට වුවමනා නොවුනේ දෙන්නාගේ ආදරේ මහ මෙරක් වගේ දෙන්නාට දැනුන නිසා කියල මට හිතුනා....ඇත්තටම ආදරයට කියන දේට...ආදරයට කියන උතුම් දේට...ඒ අකුරු හතරට කොච්චර නම් බලයක් තියනවාද කියල මේ හිතටත් ගොඩාක් දැනුනා...
ආදරයට කියන දේ හොදින් තේරුම් අරන් ආදරේ කරන්න..පිවිතුරු ආදරයක් කරගන්න...

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
ආදරයට ආදරෙන්

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/adarayathaadaren?ref

Friday, May 30, 2014

සෑබෑ ආදරේ හදවතේමයි...


රටවල් දෙකක තනිවුන ආදරවන්තයෝ දෙන්නෙක්...දුර තැන දෙකක ජිවත් වෙන දෙන්නෙක් වුනාම ආදරේ දැනෙන්නේ නෑ කියලාද කියන්නේ..නෑ නෑ ඒක බොරුවක්..මොකද ආදරේ කියන්නේ හිතකින් තවත් ආදරණිය හිතකට කරන උතුම් දෙයක්..ඒක හැම වේලාවකම ඒ දෙන්නාට දෙන්නාට දැනෙනවා..දෙන්නට දෙන්නාගේ පුංචි වෙනසක් පවා මහ විශාලව දැනෙනවා...අන්න ඒකයි සෑබෑ ආදරය..ඒකට දෙන්නාට දෙන්නා ලගින්ම ඉන්න ඕන කියල මම හිතන්නේ නෑ..දෙන්නාට දෙන්නා කොච්චර දුරින් හිටියත් ඒ දෙන්නාගේ ආදරේ සංසාරගත ආදරයක් වෙන්න පුලුවන්...හැමදාම හැමමොහොතකම දෙන්නාට දෙන්නේ මහ මෙරක් වගේ ආදරයක් වෙන්න පුලුවන්..ඒ ආදරේ දැනෙන්න පුලුවන්..ආදරේ කියන්නේ අන්න ඒ වගේම ආදරණිය දෙයක්..ආදරේ දැනෙන්නේ ආදරණිය හදවතට මිස දෙන්නාට දෙන්නා හමුවන වාර වලදි නෙවේ...අන්න ඒකයි උතුම් ආදරේ...කොච්චර දුරක හිටියත් දෙන්නාගේ හදවත් දෙකට ගොඩාක් දැනෙන දෙයක්...

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
ආදරයට ආදරෙන්

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/adarayathaadaren?ref

Wednesday, May 28, 2014

මගේ වස්තුව...


මට මේ ලොකයේ ආය නැති වෙන්න කියල දෙයක් ඉතිරි වෙලා තියනවා කියල මම හිතන්නේ නෑ...මොකද මම මගේ මුලු ලෝකයම කියල හිතුවේ ඔයාව...මම හැමදාම පැතුවේ ඔයා මගේ කියල..මම ඔයාගේ කියල...ඔයා මාව දාල යද්දි මට මහ අමුතු හැගිමක් හිතට මහ ලොකු දුකක් දැනුනා...කොටින්ම ආය ලෝකයක් මට නෑ කියල මට හිතුනා...ඔයා මගේ වුනාම ඔයා ගැන මේ පුංචි හිත මහ ලොකු ආසාවන් ගොඩාක් ඇති වුනා...මගේ මුලු ලෝකයම එළිය කරපු සද කුමාරිය ඔයා තමා කියල මම හිතුනා මගේ රත්තරනේ..කොහොම හරි ඔයා අද වෙන කෙනෙක්ගේ වෙලා..මට ඔයා ගැන තිබ්බ අයිතිය ඔයා වෙන කෙනෙක්ට දිලා..මට ඔයාව හම්බුන ඒ සොදුරු කාලේ මතක් වුනා..මගේ ජිවිත සිත්තම නිම කලේ ඔයා මගේ සුදු නෝනා..ආය මට වෙන ලෝකයක් තියේවි කියන්න මට හිතන්න බෑ මගේ රත්තරනේ..ඔයාව මට නැති කලේ ඇයි මගේ රත්තරනේ..ඇයි මාව දාල යන්න හිතුවේ...මේ පුංචි හිත ඔයාට කල ලොකුම වරද ඔයාට පණ වගේ ආදරේ කරපු එකද මගේ වස්තුව...

~ ආදරණිය අකීකරු සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
ආදරයට ආදරෙන්

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/adarayathaadaren?ref