Tuesday, December 2, 2014

ආදරණිය කම 01


මේ ලියන්න යන ලිපි පෙල මිට කලින් මම පොතකට ලියපු ආර්ටිකල් එකක කොටස් ටිකක්...මේ ගැන දන්න දෙන්නෙක් ෆේක් ලොකේ ඉන්නවා...ආදරණිය දගකාරයායි...දෙව්දුවකි මා කියන කෙනයි දෙන්නාම දැන් නම් ෆේක් ලෝකේට එන්නේ නෑ වැඩිය..අද දගකාරයා කිව්වේ ඒක ලියපන් ජිවිත වලට දෙයක් ඒකෙන් ගන්න අය ඉදිවි කියල..ඉතින් ඒ ආරාධනාව මම පිලිගත්තා පටන් ගමු....ආදරණිය ගෘහ ජිවිතය..වේලාවකට මම ස්වාමි පුරුෂයාගේ චරිතයත් බිරිදගේ චරිතයටත් අනුගත වෙන වේලාවල තියේවි....පටන් ගමු..

ආදරණිය කම 01

ගෘහ ජිවිතය කියන තැනදි සෑම අස්සන් මුල්ලකම ආදරේ කියන දේ පැතිරිලා තියෙන්න ඕන කියන මතය ගොඩාක් දරන කෙනෙක් මම...ඔය දේ නිවසක් තුල උනාම නිවස තුල නිකන්ම සමානාත්මතාවය රජ කරන පවුලක් ගොඩ නැගෙනවා...හැබැයි ඔය දේ සිද්ධ වෙන්න නම් නිකම්ම නිකන් ආදරයක හිමිකරුවන් වෙලා නම් හරියන්නේ නෑ..ඒක නිකන් නටඹුන් ගොඩක ආදරයක් වගේ දෙයක් වෙනවානේ..කඩා නොවැටුන ආදරයක් තියන තැනක ලාභ අලාභ වගේම කිර්තිය වගේම අපකිර්තියත් තියේවි...හැබැයි ඒ වා පැවතිය යුතුයි..එක එක කාලේට එක එක වගේම ඕනම දෙයක්..පරිසරය වුනත් එහෙමනේ...මහා රුස්ස ගස් පෙරලන හුලං එක්ක පරිසරය අපිව රිදවනවා වගේම උහුලන්න බැරි තරම් සිත සිසිලසක් දිල සුන්දර කාලයක් මවන්නත් පරිසරයට පුලුවන් බව දන්නවා ඇතිනේ.ඔය වගේ දේවල් ටිකක් දැනගෙන ජිවිත් වෙද්දි ජිවිතේ කියාගන්න බැරි තරම් ලස්සනයි..ජිවිතේදි ඕවා සියල්ලට මුණ දෙන්න අපි ලෑස්ති වුනොත් නරක නෑනේ...මම ගෙදරක් සම්පුර්ණ වෙන්න පවුලක් එපායැ.මම කිව්වා වගේ ආදරේ පැතිරුණ ගෙයක් ඕන...ඔය ගේ ඇතුලේ අම්මෙක් වගේ බිරිදක් ඉන්න ඕන..තාත්තෙක් වගේ සැමියෙක් ඉන්නත් ඕන..ඒ වගේම ඒ අයට ආදරේ කරන දරුවන් ඉන්නත් ඕන..ආදරේ කඩා ගන්නේ නැතුව තමා හැබැයි මේ දේවල් කරන්න ඕන ජිවිත කාලේදිම..එහෙම පුංචි ආදරේ පැතිරුණ ගෙදරක ආදරේ වැටෙන්නෙත් නෑ..වට්ටන්නත් බෑ..ඔය මම අද මේ පලවෙනියට ලියපු කොටසේ ආදරේ පැතිරුණ ගෙදරක ආදරය විතරක් නෙවේ සෙනෙහස රැකවරණය සහොදරත්වය වගේ සියලු දේ නිකන්ම පැතිරෙනවා...

කොටස් 2 ක් 3 ක් යද්දි තේරේවි ඒ ගැන..අදට ඇති..එක පාරම ඔක්කොම දුන්නාම බර වැඩි වෙයිනේ...

ඉෂාර සදකැලුම් බණ්ඩාර ~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )

<3 LOVE CAFE <3

ආදරෙන් එන්න වැළද ගන්න ආදරණිය ඉසව්වේ සැරිසරන්න....

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ... යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/nonidanahadawatha

No comments:

Post a Comment