Wednesday, June 4, 2014

ආදරයට සල්ලි බලපාවිද ?

ජිවිතේට දෙයක් ගන්න තිබ්බ නිසා මම මේක ලියන්න තිරණය කලේ...ටිකක් පරණ කතාවක් හැබැයි..අවුරුද්දක් ඇති...ගෙදරකින් කතා කරපු මගුල් ගෙදරකදි සිදුවු දෙයක්..
මනමාලි වුන කෙල්ලට මේ කොල්ලාව යෝජනා කරල තියෙන්නේ සල්ලි බලය පදනම් කරගෙන...මේ වෙද්දි නම් මේ කොල්ලාට රස්සාවක් තිබ්බේ නෑ මම දන්න තරමින් නම්...හැබැයි මේ දෙන්නා මාර විදිහට යොජිත විවාහයක් වුනත් ඒ යෝජනාවට පස්සේ හමුවිම් වලදි ගොඩාක් ආදරයෙන් ඉදල තියනවා...හැබැයි දිනක් මේ කොල්ලා කෙල්ලට මහ අමුතු ප්‍රශ්නයක් යොමු කරලා තියනවා දෙන්නා තනියම ගමනක් ගිය අවස්ථාවකදි...ඔයාලගේ ගෙදරින් ඔයාගේ දෑවැද්දට කොච්චරක් දෙනවාද කියන්න...කියල..කෙල්ලට ගොඩාක් දුක හිතිලා ඒ අවස්ථාවෙදි...හැබැයි කොල්ලා මේ ප්‍රශ්නය යොමු කලේ කෙල්ලගෙන් මහ අමුතු වචන පෙලක් ගන්න බලාපොරොත්තුවෙන්ලු..ඒ වචන පෙළ තමා මම මට දෙන්න පුලුවන් උපරිම දෑවැද්ද ඔයාට දිලා තියෙන්නේ කියල...ඒ තමා ඔයාගේ උතුම් ආදරය කියන එකලු...ඔය ටික කෙල්ලට පැහැදිලි කරද්දි කෙල්ලා ඇඩුවාලු..මනමාලයා වුන දවසේ ඒ අයියා ඔය ටික කිව්වාම මට මාර පුදුම හිතුනා...
ඇත්තටම මමත් ඒ දේ පිලිගන්නවා...දෙන්නෙත් හිත් වලින් බැදෙන්නේ මහ අමුතු විදිහට ඒ දේ කොහොම සිද්ධ වෙනවාද කියල කාටවත් කියන්න බෑනේ..මම කියන්නේ සල්ලි බලය නිසා විවාහය කරගන්න මේ කොල්ලාට වුවමනා නොවුනේ දෙන්නාගේ ආදරේ මහ මෙරක් වගේ දෙන්නාට දැනුන නිසා කියල මට හිතුනා....ඇත්තටම ආදරයට කියන දේට...ආදරයට කියන උතුම් දේට...ඒ අකුරු හතරට කොච්චර නම් බලයක් තියනවාද කියල මේ හිතටත් ගොඩාක් දැනුනා...
ආදරයට කියන දේ හොදින් තේරුම් අරන් ආදරේ කරන්න..පිවිතුරු ආදරයක් කරගන්න...

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
ආදරයට ආදරෙන්

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/adarayathaadaren?ref