Wednesday, December 3, 2014

ආදරණිය කම 02




අද අගහිගකම් තුල ආදර ජිවිතය ගැන කියන්නම්....පටන් ගමු....

මෙහෙම පටන් ගන්නම්කෝ අපි ආදරේ කරන දෙන්නා එකතු වුන මුල් කාලේ ඒ කියන්න‍ේ ආදරේ පටන් ගත්ත මුල් කාලේ දෙන්නා හමුවන මුල් කාලේ දෙන්නාට දෙන්නා ගොඩාක් ආදරෙන් ඉන්නවානේ..ඒ කාලේට කන්න යන තැන් මුදල් වියදම් කරන තරම් පස්සට යද්දි අඩු වෙන්නේ දෙන්නාට අතරේ තියන ආදරේ අඩු කමක් නිසා නෙවේ අගහිගකම් එන නිසා...ඉතින් ඔය මොහොතේදි ගොඩාක් බැට කන්නේ බෝයිගේ පැත්තෙන්නේ...ඔයා මට ආදරේ නෑ..ඉස්සර වගේ කොහෙවත් එක්ක යන්නේ නෑ..මොනවත් අරන් දෙන්නේ නෑ කියල ප්‍රශ්න කෝටියයි...ඒ වේලාවට ගර්ල් එයාට දැනෙන අගහිගකම් ගැන හිතන්නේ නෑනේ...මැරි කරපු දෙන්නෙක්වත් මම ගන්නම් උදාහරණයකට ඉතින් හුගාක් ආදරෙන් හිටිය දෙන්නෙක් වුනාම මැරි කලාම අගහිගකම් එද්දි ඒවා එක විදිහට හිතන්න පුරුදු වෙන්න වෙනවා....සල්ලි තියන කාලේ මස් මාලු එකක් කාපු බත් පත තව කාලයකදි ලුණූ ටිකක් ඉහගෙන කන්න වෙන්න පුලුවන්..හැබැයි ආදරෙන් පිරුණ නිවසක ඔය ප්‍රශ්නය මහා සාගරයක් නෙවේ..පොඩි දෙයක්..නමුත් ආදරේ නැතු තැනකදි ඔය ප්‍රශ්නයම මහා සාගරය වෙනවා....හැබැයි පවුල් ජිවිතේදි අගහිගකම් කියන දේවල් එන්නේ කිය කිය නෙවේනේ..ඕකට පවුල් ජිවිතේ නෑනේ ආදරේ කරන කාලෙදිත් එහෙම තමා...ප්‍රශ්න කිය කිය එන්නේ නෑ..ආදරේ තියන තැනකදි ඒක විසදගන්න දෙන්නාට දෙන්නා බැරිත් නෑ...හරි මෙහෙම ගමුකෝ අරුමෝසම් වැස්ස කිය කිය එනවාද ?...නෑනේ...එතකොට මහා සයුර ගොඩ ගැලුවා කිය කිය ගොඩ ගැලුවාද ? ..නෑනේ...අන්න ඒ වගේ තමා ආදර ජිවිතයත්...දෙන්නාට දෙන්නාට පවුලට එකතු වෙලා විසදගන්න බැරි නැ ඔය ප්‍රශ්න...අගහිගකම් කාලේට ගෙදර අනිත් පැත්ත පෙරලන එකවත්..ආදරවන්තයා ආදරවන්තිය අතැරලා යන එකවත් එයා එක්ක රණ්ඩු වෙන එකවත් නෙවේ වැඩේ..ඒවාට ආදරේ මුණ දෙන්නයි ඕන...

අදට ඇති....හෙට ආය දෙන්නම්....

ඉෂාර සදකැලුම් බණ්ඩාර ~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )

LOVE CAFE

ආදරෙන් එන්න වැළද ගන්න ආදරණිය ඉසව්වේ සැරිසරන්න....

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ... යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/nonidanahadawatha

No comments:

Post a Comment